ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු සුනු විසුණු කළ දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම T 20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසි වුණා.
ඒ සුපිරි අට වටයේ නවසීලන්තය සමඟ ඊයේ පැවති තීරණාත්මක තරඟයෙන් ශ්‍රී ලංකාව අමිහිරි පරාජයක් ලැබීමත් සමගින්.
ශ්‍රී ලංකාව, සත්කාරකත්වය දැරූ අයිසීසී තරගාවලියක අවසන් පූර්ව වටයට පෙර තරගාවලියෙන් ඉවත් වූයේ පළමුවරටයි.
මෙවර තරගාවලියේ නිදහස් සංඛ්‍යාත ඔස්සේ දේශීය විකාශන අයිතිය හිමිව ඇත්තේ ටීවී සුප්‍රීම් වෙතයි.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනාගත් දසුන් ශානක ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා.
එක් අවස්ථාවක නවසීලන්ත ලකුණු පුවරුව ලකුණු 84කට කඩුලු 6ක් ලෙස සටහන් වුණා.
නමුත් නායක මිචෙල් සැන්ට්නර් සහ කෝල් මැකොන්චි ලකුණු 84ක සබඳතාවක් ගොඩනගමින් නවසීලන්ත ඉනිම සවිමත් කළා.
ඒ අනුව නවසීලන්තය නියමිත පන්දු වාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 168ක් රැස් කර ගැනීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිතිකරුවන් ආරම්භයේ පටන්ම පෙන්වූයේ දියාරු පිතිහරඹයක්.
මැට් හෙන්රි යැවූ පළමු පන්දුවෙන්ම පැතුම් නිස්සංක දැවී ගියේ ක්‍රීඩාංගණයේ රැස්ව සිටි දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් නිහඬ කරවමින්.
මැදපෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් ලකුණු 31ක් ලබාගනිමින් යම් සටනක් දීමට උත්සාහ කළත්, නවසීලන්ත දඟපන්දු යවන්නන් ඉදිරියේ අනෙක් කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට හැකිවුණේ නැහැ.
විශේෂයෙන්ම රචින් රවීන්ද්‍ර ලකුණු 27කට කඩුලු 4ක් දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 107කට සීමා කළා.
ඒ අනුව ලකුණු 61ක ජයග්‍රහණයක් වාර්තා කළ නවසීලන්තය සිය අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තවදුරටත් රඳවා ගත්තා.
මෙම පරාජයත් සමඟ සම සත්කාරක ශ්‍රී ලංකාව මෙවර T20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසි වුණා.





