සුමති හෝල්ඩින්ග්ස් අඛණ්ඩව 20 වන වාර්ෂික පොත් පරිත්‍යාගය සනිටුහන් කළේය

සුමති හෝල්ඩින්ග්ස් ආයතනය, සිය සේවක මඩුල්ලේ දූ දරුවන් සඳහා වාර්ෂිකව පිරිනමනු ලබන පාසල් පොත් සහ පාසල් උපකරණ ප්‍රදානෝත්සවය 20 වන වරටත් පසුගියදා කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු අතර පාසල් දරුවන් 974 දෙනෙකුට එහි ප්‍රතිලාභ හිමි වුණා.
මෙවර සුමති හෝල්ඩින්ග්ස් සමාගමේ වාර්ෂික පොත් ප්‍රදානය කිරීමේ වැඩසටහනට නව අරුතක් එක් කරනු ලැබුවේ පසුගියදා ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් වූ කොළඹ ආනන්ද විද්‍යාලයේ සහ කැලණිය ගුරුකුල විද්‍යාලයේ සිසු දරුවන් තෝරා ගනිමින්, ඔවුනට අවශ්‍ය පොත්පත් ප්‍රදානය කිරීමෙන්. දරු දැරියන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වා ගෙන යාමට අවශ්‍ය මුලීක සම්පත් දායකත්වය ලබා දීම තුළින් ඔවුන්ට දීප්තිමත් අනාගතයක් කරා පිය නැගීමට හැකි වනු ඇති බව සුමති හෝල්ඩින්ග්ස් සමාගමේ විශ්වාසයයි.

Share