සුප්‍රීම් කෙයාර් ජන සුව යාත්‍රා වැඩසටහනේ 125 වැනි අදියර හෙට අම්බලන්ගොඩදි

මෙරට මාධ්‍ය ආයතනයක් විසින් දියත් කරණ දැවැන්තම සමාජ සත්කාරක වැඩසටහනක් වන සුප්‍රීම් කෙයාර් ජන සුව යාත්‍රා වැඩසටහනේ 125 වැනි අදියර හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අම්බලන්ගොඩ අළුත්වල නන්දාරාම පුරාණ රාජමහා විහාරස්ථාන පරිශ්‍රයේ දී.

අපේ වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් මෙරට ගම් දනව් පුරා ක්‍රියාත්මක වන සුප්‍රීම් කෙයාර් ජන සුව යාත්‍රා 125 වැනි අදියර හෙට පැවැත්වීමට සියලු කටයුතු සූදානම්කර තිබෙනවා.
ඒ අම්බලන්ගොඩ අළුත්වල නන්දාරාම පුරාණ රජමහා විහාරස්ථාන පරිශ්‍රය කේන්ද්‍රකර ගනිමින්.
සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමාගම් ජාලයේ සභාපති ආර්.එම් මනිවන්නන් මහතාගේ උදාරතර සංකල්පයකට අනුව දියත් කෙරෙන මෙම ආයතනික සමාජ සත්කාරක වැඩසටහනට පූර්ණ අනුග්‍රහය දක්වන්නේ ටීවී සුප්‍රීම් සහ සුප්‍රීම් රේඩියෝවයි.
“අපිව බලන ඔබේ වටින දෑස් අපිට වටිනවා දෑස තරමටම” යන්න තේමා කර ගනිමින් පැවැත්වෙන මේ සත්කාරය හරහා මෙරට වයස අවුරුදු 55ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සෞඛ්‍යමත් යහපැවැත්ම වෙනුවෙන් සේවාවන් රැසක් ක්‍රියාවට නැංවෙනවා
සම්පූර්ණයෙන්ම නොමිලේ දියත් කෙරෙන මෙම සමාජ මෙහෙවර යටතේ අක්ෂි පරික්ෂාව, ඇසේ සුද ඇති බවට හඳුනා ගන්නා අය වෙනුවෙන් සැත්කම් මගින් කාච දැමීමට අවශ්‍ය අනුග්‍රාහකත්වය දැක්වීම, බෝ නොවන රෝග හඳුනා ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණ ක්‍රියාත්ම කිරීම, දෘශ්‍ය ඌනතා සහිත අයට උපැස්‍ යුවල ලබාදීම, ඇතුලු ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ට යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පවත්වාගෙන යාම වෙනුවෙන් උපදේශනයන් සිදු කිරීම වැනි සේවාවන් ක්‍රියාත්මකයි.
මෙම සමස්ත ව්‍යාපෘතියේ වෛද්‍ය හා සෞඛ්‍ය සත්කාරක සහකරු ලෙස ක්‍රියා කරන්නේ හෙල්ප් එජ් ශ්‍රී ලංකා ආයතනයයි.
මෙම වැඩසටහනට සමගාමීවම මෙරට තරුණ තරුණියන් වෙනුවෙන් ක්‍රියාත්මක වන තවත් සමාජ මෙහෙවරක් වන සුප්‍රීම් දිරි ශක්ති කලාපය ද හෙට උදෑසන 8.30 සිට පස්වරු 2.00 දක්වා අම්බලන්ගොඩ අළුත්වල දී ක්‍රියාත්මකයි.
වසර 20කට වැඩි කීර්තිමත් ඉතිහාසයක් සහිත ටස්මා ඉන්ටනැෂනල් මෑන්පවර් පුද්ගලික සමාගම සහ සුප්‍රීම් ග්ලෝබල් එකමුතුවෙන් සිදු කෙරෙන මෙම වැඩසටහන හරහා දෙස් විදෙස් රැකියා සඳහා ලියාපදිංචි වීමේ හා අයදුම් කිරීමේ අවස්ථාව ඒ අවට තරුණ තරුණියන්ට හිමි වනවා.

Share