මෙරට මාධ්‍ය ආයතනයක් විසින් දියත් කරණ දැවැන්තම සමාජ සත්කාරක වැඩසටහනක් වන සුප්‍රීම් කෙයාර් ජන සුව යාත්‍රා වැඩසටහනේ 124 වැනි අදියර හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ ගම්පහ – කීනවල – ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින්.
සෑම සති අන්තයකම මෙරට ගම් දනව් පුරා අපේ වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ සුප්‍රීම් කෙයාර් ජන සුව යාත්‍රා කඳවුරු පසුගිය සති කිහිපයේ අත්හිටුවා තිබුනේ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයින පුරා ඇති වූ ව්‍යසනකාරී වාතාවරණය හේතුවෙන් .
කෙසේ වෙතත් එම අයහපත් කාලගුණ තත්ත්වයන් පහව යාමත් සමඟම මෙම සමාජ සත්කාරක වැඩසටහන හෙට සිට නැවතත් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්කර තිබෙනවා.
ඒ අනුව සුප්‍රීම් කෙයාර් ජන සුව යාත්‍රා සමාජ සත්කාරක වැඩසටහනේ මේ වසරේ අවසන් දිග හැරුම හෙට ගම්පහ කීනවල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනවා.
ඒ කීනවල නගර මධ්‍යයේ පිහිටි වජිර මහතාට අයත් ගොඩනැගිලි පරිශ්‍රයේ දෙවන මහලේ දීයි.
සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමාගම් ජාලයේ සභාපති ආර්.එම් මනිවන්නන් මහතාගේ උදාරතර සංකල්පයකට අනුව දියත් කෙරෙන මෙම ආයතනික සමාජ සත්කාරක වැඩසටහනට පූර්ණ අනුග්‍රහය දක්වන්නේ ටීවී සුප්‍රීම් සහ සුප්‍රීම් රේඩියෝවයි.
“අපිව බලන ඔබේ වටින දෑස් අපිට වටිනවා දෑස තරමටම” යන්න තේමා කර ගනිමින් මෙරට සෑම ග්‍රාම සේවා වසමක්ම ආවරණය වන පරිදි පැවැත්වීමට නියමිත මේ සත්කාරය හරහා මෙරට වයස අවුරුදු 55ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සෞඛ්‍යමත් යහපැවැත්ම වෙනුවෙන් සේවාවන් රැසක් ක්‍රියාවට නැංවෙනවා
මෙරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අක්ෂි හා ශාරිරික සෞඛ්‍ය යහපැවැත්ම වෙනුවෙන් නොමිලේ දියත් කෙරෙන මෙම සමාජ මෙහෙවර යටතේ අක්ෂි පරික්ෂාව, ඇසේ සුද ඇති බවට හඳුනා ගන්නා අය වෙනුවෙන් සැත්කම් මගින් කාච දැමීමට අවශ්‍ය අනුග්‍රාහකත්වය දැක්වීම, බෝ නොවන රෝග හඳුනා ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණ ක්‍රියාත්ම කිරීම, දෘශ්‍ය ඌනතා සහිත අයට උපැස් යුවල ලබාදීම, ඇතුලු ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ට යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පවත්වාගෙන යාම වෙනුවෙන් උපදේශනයන් සිදු කිරීම වැනි සේවාවන් ද ක්‍රියාවට නැංවෙනවා.
මෙම සමස්ත ව්‍යාපෘතියේ වෛද්‍ය හා සෞඛ්‍ය සත්කාරක සහකරු ලෙස ක්‍රියා කරන්නේ හෙල්ප් එජ් ශ්‍රී ලංකා ආයතනයයි.
මෙම වැඩසටහනට සමගාමීවම මෙරට තරුණ තරුණියන් වෙනුවෙන් ක්‍රියාත්මක වන තවත් සමාජ මෙහෙවරක් වන සුප්‍රීම් දිරි ශක්ති කලාපය ද හෙට උදෑසන 8.30 සිට පස්වරු 2.00 දක්වා ගම්පහ කීනවල දී ක්‍රියාත්මකයි.
එහිදී දෙස් විදෙස් රැකියා සඳහා ලියාපදිංචි වීමේ හා අයදුම් කිරීමේ අවස්ථාව ඒ අවට තරුණ තරුණියන්ට හිමි වනවා.
මෙම සද්කාර්‍යය සිදුකරන්නේ වසර 20කට වැඩි කීර්තිමත් ඉතිහාසයක් සහිත ටස්මා ඉන්ටනැෂනල් මෑන්පවර් පුද්ගලික සමාගම සහ සුප්‍රීම් ග්ලෝබල් එකමුතුවෙන්.





