සිනොපෙක් සුපිරි ඩීසල් මිල ඉහළට

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගම සුපර් ඩීසල් මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලීටරයක නව මිල රුපියල් 600ක්.
කෙසේ වෙතත් සිපෙට්කෝ සහ ලංකා අයිඔ්සී මිල ඉහළ නංවා නැහැ.

මේ අතර ධීවර බෝට්ටු සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.


අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගම සුපර් ඩීසල් මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා
ඒ අනුව රුපියල් 572ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 28කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 600ක්.
කෙසේවෙතත් ඔක්ටේන් 92 , 95 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිල වෙනසක් සිදු කර නැහැ.

කෙසේ වෙතත් සිපෙට්කෝ සහ ලංකා IOC සමාගම් සුපර් ඩීසල් මිල වෙනස් කර නැහැ.

මේ අතර අම්පාර කල්මුණේ මූලස්ථාන පොලිස්යට ලද තොරතුරක් මත කළ වැටලීමකදී ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ඩීසල් ලීටර් 4620ක් සමග සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර කිසිඳු දැනුම්දීමකින් තොරව විදුලි කප්පාදු කිරීම හේතුවෙන් පාරිභෝගික ජනතාව දැඩි පීඩාවකට පත්ව ඇතැයි විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසනවා.

Share