රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ රන් අකුරින් ලියවුණු 1996 ලෝක කුසලාන ජයග්‍රහණයට වසර 30ක් සපිරීම නිමිත්තෙන් විශේෂ වැඩසටහනක් ඊයේ මහරගම පිහිටි ඉන්දිරා පිළිකා භාරයේදී පැවැත්වුණා
පිළිකා රෝගයෙන් පීඩා විදින දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සවියක් වනු පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් පදනම සහ ඉන්දිරා පිළිකා භාරය අතර නිල අවබෝධතා ගිවිසුමකට එළඹීමද මෙම සැමරුමට සමගාමීව සිදු කෙරුනු අතර 1996 වසරේ හිමි වූ ලෝක කුසලානය ද මෙහිදී ප්‍රදර්ශනය කළා.
1996 වසරේ ලෝක කුසලාන ජයග්‍රහණය කළ කණ්ඩායමේ සාමාජිකයන් වූ අරවින්ද සිල්වා, සනත් ජයසුරිය, රවින්ද්‍ර පුෂ්පකුමාර, චමින්ද වාස්, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, උපුල් චන්දන, රොෂාන් මහානාම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පදනමේ සභාපති නවින් දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.





