ඉන්ධන අර්බුදය කළමනාකරණය කර ගැනීමේ පියවරක් ලෙස සෑම බදාදා දිනයකම රාජ්‍ය සේවයට නිවාඩු ලබා දීමේ තීරණය අද සිට ක්‍රියාත්මක වුණා.
ඒ අනුව පොදු ප්‍රවාහන සේවා ද සීමා කර තිබෙනවා.
කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා සඳහා මෙම නිවාඩුව අදාළ වන්නේ නැහැ.
පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගනිමින් ඊට මුහුණ දීම සඳහා අද සිට සෑම සතියකම බදදා රාජ්‍ය සේවයට නිවාඩු ලබා දීමට තීරණය කෙරුණා.
මෙම නිවාඩුව පාසල්, විශ්ව විද්‍යාල සහ අධිකරණ ක්ෂේත්රවලට ද අදාළ වනවා.
සෞඛ්‍ය, වරාය, විදුලිය, රේගුව වැනි අත්‍යවශ්‍ය සේවා සඳහා මෙම නිවාඩු දිනය අදාළ වන්නේ නැහැ.
රාජ්‍ය සේවයට නිවාඩු ලබා දීමට සමගාමීව පොදු ප්‍රවාහන කටයුතු සීමාසහිතව පවත්වාගෙන යෑමේ තීරණය අනුව සෙනසුරාදා දිනයේ කාලසටහනට අනුව අද දින දුම්රිය ධාවනය කෙරුණා.
මේ අතර මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ල විය හැකි බලපෑම් කළමනාකරණය කිරීම සහ ජනතාවගේ සුබසාධන අවශ්‍යතා අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
මෙම සාකච්ඡාවේදී , කෙටි කාලීන සහ දීර්ඝ කාලීන සැලසුම් රැසක් කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා.
මැදපෙරදිග රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය සහතික කිරීම, ඕනෑම හදිසි අවස්ථාවකට පෙර සූදානමක් ලෙස අවශ්‍ය දත්ත පද්ධති කඩිනමින් යාවත්කාලීන කිරීම යනාදි කරුණු පිළිබදව මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බව අමාත්‍යංශය නිවේදනය කළා.
මේ අතර කොළඹ මහ නගර සභා බලප්‍රදේශය තුළ වාහන නැවැත්වීමේ ගාස්තු අයකිරීම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.




