සල්ලිවලට ගන්න හදන ග්‍රීන්ලන්තය

ග්‍රීන්ලන්ත පුවැසියන්ට ඩොලර් දහදාහේ සිට ලක්ෂය දක්වා වන්දි ලබාදී ග්‍රීන්ලන්ත දූපත එක්සත් ජනපදයට ඈඳා ගැනීමට ජනාධිපති ඩෙනල්ඩ් ට්‍රම්ප් සලකා බලමින් සිටින බව එක්සත් ජනපද නිලධාරීන් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවයේ වාර්තා කරනවා.
ධවල මන්දිර නිලධාරීන් සඳහන් කර ඇත්තේ මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ඩොලර් බිලියන 6 ක් පමණ වැය විය හැකි බවට දැනටමත් ගණන් බලා ඇති බවයි.
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ කියා සිටියේ ඉදිරි සතියේ දී ඩෙන්මාර්ක් අගමැතිවරිය හමුවී එක්සත් ජනපද යෝජනාව පිළිබඳ වැඩි දුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවයි.

Share