සමල් ලාල් ප්‍රනාන්දුගේ ඇප කොන්දේසියක් සංශෝධනය කිරීමට කොළඹ ප්‍රධාන අධිකරණය නියම කරයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර සිටින මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමල් ලාල් ප්‍රනාන්දු මහතාගේ ඇප කොන්දේසියක් සංශෝධනය කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියම කළා.
ඒ අනුව සැකකරුට අත්‍යවශ්‍ය කටයුතුවලට පමණක් මොරටුව මහ නගර සභා පරිශ්‍රයට ඇතුළු වීමට හැකිවන පරිදි ඇප කොන්දේසිය සංශෝධනය කිරීමටයි නියෝග කෙරුනේ.
ව්‍යාපෘති ක්‍රොන්ත්‍රාත් 112 කට අදාල ගෙවීම් මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් සිය හිතවතුන්ට ගෙවීම තුළින් සැකකරු විසින් රජයට පාඩුවක් සිදුකර ඇති බවට සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

Share