සජබෙන් ඉවත් වූ රෙහාන්

සමගි ජන බලවේගය වැලිගම ආසන සංවිධායක මෙන්ම වැලිගම හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම මහතා එම පක්ෂයෙන් ඉල්ලා අස්වී තිබෙනවා
සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකරමින් ඔහු පවසා ඇත්තේ, පක්ෂයේ වත්මන් ප්‍රතිපත්ති පිළිබඳ තමන් සෑහීමට පත් නොවන බවයි.

දේශිය පුවත් කිහිපයක් සමඟින් දැන් සිව්දෙස තතු

ජර්මනි තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ක්ලවුස් විලි මර්කල්( Klaus Willi Merkel ) ඊයේ ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා හමුවුණා.
ජර්මානු ආරක්‍ෂක උපදේශක නිලධාරීන් උණුසුම් ලෙස පිළිගත් ආරක්‍ෂක ලේකම්වරයා ඉන් අනතුරුව ඔවුන් සමඟ සුහද පිළිසඳරක නිරත වු අතර මෙම හමුවේ සනිටුහන් කරමින් සිහිවටන හුවමාරුවක්ද සිදු කෙරිණා.

දරුවන් 50 අඩු පාසල් වැසීමේ රජයේ ප්‍රතිපත්තිය යටතේ බණ්ඩාරගම කඹුරුගොඩ ප්‍රාථමික පාසල වැසීමට ගෙන ඇති පියවරට විරෝධය පළ කරමින් එම පාසලේ දරුවන් දෙමව්පියන් ආදි ශිෂ්‍යයන් සහ ගම්වාසින් පාසල ඉදිරිපිට සිට විරෝධතා පුවරු අතැතිව පා ගමනින් බණ්ඩාරගම කැස්බෑව ප්‍රධාන මාර්ගයට පැමිණ විරෝධතාවයක නිරත වුණා.

ගං වතුරින් ආපාදවට පත් වූ ප්‍රදේශවල පරිභෝජනයට නුසුදුසු සහ මිල ගණන් ඉහල දමා භාණ්ඩ අලෙවි කරන වෙළදසැල් සොයා පාරිභෝගික අධිකාරිය විසින් කොස්ගම ප්‍රදේශයේ ඊයේ සවස වැටලීමක් සිදු කර තිබුණා.
එහිදි ලේබල් නොමැතිව අලෙවි කිරීමට සූදානම් කර තිබූ රු.ලක්ෂ 16 ක පමණ ටින්මාළු තොගයක් පාරිභෝගික අධිකාරිය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ලැබුවා.

ගල්ගමුව ළමා උද්‍යානය ඉදිරිපිටට අතරමංව තැති ගැන් වී සිටි වැලිමුවෙක් ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ගේ දැනුම්දීම හරහා ගල්ගමුව වනජීවී නිලධාරීන් පැමිණ රැගෙනගොස් මුදා හැරීමට කටයුතු කර තිබුණා
තැතිගැන්වීම හේතුවෙන් ඒ මේ අත දුවමින් සිටිම හේතුවෙන් සත්ත්වයාගේ මුඛය ද තුවාල වී තිබුණා.

Share