සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ තෙවන සහ අවසන් තරගය අද රංගිරි දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් පහසු ජයක් අත්කර ගැනීමට පාකිස්ථානයට හැකි වුණා.
දෙවන තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවුණේ එකඳු පන්දුවාරයක් හෝ ක්‍රියාත්මක නොකරමින්.
ඒ, අනුව තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට අද තරගය ශ්‍රී ලංකාව ජයගත යුතුයි.
මේ අතර වර්ෂාව හේතුවෙන් අතහැර දැමූ දෙවන තරගය නැරඹීමට නොහැකි වූ ප්‍රේක්ෂකයින්ට එම තරගය නැරඹීම වෙනුවෙන් මිලදී ගත් ප්‍රවේශ පත්‍රයෙන් අද තරගය නැරඹීමට අවස්ථාව ලබාදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.




