ශුද්ධෝත්තම පාප් වහන්සේට ශ්‍රී ලංකාවේ සංචාරයකට ජනපතිගෙන් ඇරයුම්

ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරාධනා කර තිබෙනවා
ඉතාලියේ නිල සංචාරයක නිරත අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ඊයේ වතිකානයේදී, රාජ්‍යයන් සමඟ සබඳතා පිළිබඳ උප ලේකම් මිහයිටා බ්ලාජ් පියතුමා හමු වී නිල ආරාධනා පත්‍රය භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

Share