ශ්රී ලංකා නිදහස් පක්ෂයට තවමත් ජනාධිපති සිහිනයක් නැතැයි පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පක්ෂය ගොඩනැගීම සඳහා වැඩ නොකර නාමික තනතුරු දරන පිරිස් ඉවත් කර ඉදිරියට යෑම අපේක්ෂාව බවයි.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධුරයෙන් පිදුම් ලැබූ බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි චාමර සම්පත් දසනායක මහතා පිළිගැනීම සඳහා උත්සවයක් ඊයේ සංවිධාන කර තිබුණා.
උත්සවය පැවැත්වුණේ බදුල්ල තැපැල් ශ්රවණාගාරයේදී.
මෙම අවස්ථාවට පක්ෂයේ ජ්යේෂ්ඨයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා





