ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට නව වේගපන්දු යවන්නන් සොයා ගැනීමේ අරමුණෙන්, හිටපු සුපිරි වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග නව වඩපිළිවෙලක් අරඹා තිබෙනවා.
ඒ අනුව පැවැත්වෙන නවක වේග පන්දු යවන්නන්ගේ කුසලතා සෙවීමේ වැඩසටහනේ පළමු අදියර ලෙස අද කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා.
මේ සඳහා වයස අවුරුදු 17ත් 22ත් අතර ක්‍රීඩකයින් තෝරා ගත් අතර මේ සඳහා නවක ක්‍රීඩකයින් 3500කට ආසන්න පිරිසක් අයදුම් කර තිබුණා.
ඒ අතරින් පළාත් 9ම ආවරණය කරමින් ක්‍රීඩකයින් 353ක් වැඩසටහනේ පළමු වටය සඳහා තෝරා ගත්තා.
මෙහිදී මෙම ක්‍රීඩකයින් සඳහා ශාරීරික යෝග්‍යතා පරීක්ශණයක් පවත්වන අතර එහිදී කිලෝමීටර් 2ක දුරක් මිනිත්තු 8 යි තත්පර 30ක් තුළදී නිම කිරීමට සමත් වන ක්‍රීඩකයින් පමණක් තෝරා ගනු ලබනවා.
ඉන් තේරී පත් වන ක්‍රීඩකයින් අද දිනයේදී කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය වෙත රැගෙන යන අතර එහිදී පැයට කිලෝමීටර් 135ට වඩා වේගයෙන් පන්දුයැවිය හැකි ක්‍රීඩකයින් තෝරා ගැනීමට නියමිතයි.





