ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ගැරී කර්ස්ටන් පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිල වශයෙන් නිවේදනය කළා.
මෙම පත්වීම 2026 අප්‍රේල් 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වසර දෙකක කාලසීමාවක් සඳහා සිදු කර තිබෙනවා.
දකුණු අප්‍රිකානු හිටපු සුපිරි ක්‍රීඩකයෙකු වූ ගැරී කර්ස්ටන් 2008 සිට 2011 දක්වා ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමින් එම කණ්ඩායම 2011 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම දක්වා රැගෙන ගියා.
එසේම ඔහු වසර 2011 සිට 2013 දක්වා දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, 2013 වසරේදී එම කණ්ඩායම සියලුම ආකෘතිවලින් ලොව අංක 1 කණ්ඩායම බවට පත් කිරීම සහ මෑතකදී නිමාවූ 2026 විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලියේදී නැමිබියානු කණ්ඩායමේ උපදේශකයෙකු ලෙසද කටයුතු කළා.
1993 සිට 2004 දක්වා කාලය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වූ ගැරී කර්ස්ටන්, ටෙස්ට් සහ එක්දින ලකුණු 14,087 ක් රැස් කර ඇති අතර ඊට ටෙස්ට් ශතක 21 ක් සහ එක්දින ශතක 13 ක් ඇතුළත්.




