ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර එක්දින තරගාවලියේ පළමු තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද පස්වරු 3ට රාවල්පිණ්ඩිහිදී පැවැත්වීමට නියමිතයි.
මේ අතර පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක නසීම් ෂා ගේ නිවසට ඊයේ අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඊයේ අලුයම මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර ප්‍රහාරකයින් නිවසේ ගේට්ටුවට සහ මෝටර් රථයකට වෙඩි තබා පලා ගොස් තිබෙනවා.
ප්‍රහාරයෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති අතර එරට ආරක්ෂක අංශ විසින් වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේ වෙතත් වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ෂා අද ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගය සඳහා සහභාගී වන බව පාකිස්ථාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
මේ අතර පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ කුසලානය ඊයේ මාධ්‍ය වෙත නිරාවරණය කළා.
එහි දී දෙරටේ නායකයින් කුසලානය සමඟ නිල ජායාරූපයකටද පෙනී සිටියා.
මෙම තරගාවලියේ දේශීය විකාශන අයිතිය ටී.වී සුප්‍රීම් නාළිකාව සතු අතර නාළිකාවේ නිදහස් සංඛ්‍යාත UHF 47 ඔස්සේ මුළු දිවයිනම ආවරණය කර තිබෙනවා.
ඊට අමතරව free sat ඔස්සේ ද, ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයේ සියළු අවස්ථා ඔබ නැරඹිමේ අවස්ථාව හිමිවනවා.
මීට අමතරව www.Sandbriks.com (සැන්ඩ්බ්‍රික්ස්) වෙබ් අඩවියට පිවිසීමෙන්ද කිසිදු අමතර ගාස්තුවකින් තොරව තරගාවලිය නැරඹීමට හැකියි.

Share