සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සියල්ලන්ම දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 219ක් පමණයි. සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියයේ දෙවැනි තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
තරගයේ කාසිය වාසිය දිනූ චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
නමුත් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලයට පිටියේ ස්ථාවර වීමට එංගලන්ත පන්දු බළඇණිය අවස්ථාවක් දුන්නේ නැහැ.
පළමු කඩුල්ල ලෙස දැවි ගිය කමිල් මිෂාර ලබා ගත්තේ ලකුණු 5ක් පමණයි.
කුසල් මෙන්ඩිස් සමග දෙවැනි කඩුල්ලට ලකුණු 42ක සබඳතාවක් ගොඩනැගූ පැතුම් නිස්සංක ලකුණු 26කට දැවී ගියා.
දුවද්දී දැවී යෑමකට හසුවූ කුසල් මෙන්ඩිස් ලකුණු 26යි.
ධනංජය ද සිල්වා සහ චරිත් අසලංක සිව්වැනි කඩුල්ලට ලකුණු 66ක සබඳතාවක් ගොඩ නැගුවා.
ධනංජය ලකුණු 40කට දැවී ගියා.
ශ්‍රී ලංකා ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක චරිත් අසලංක ලකුණු 45ක් රැස්කර ගත්තා.
පන්දුවාර 49.3ක් තුළදී සියලු දෙනා දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කර ගත හැකිවූයේ ලකුණු 219ක් පමණයි.





