ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති වීබේ ඩි බෝයර් මහතා සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා අතර හමුවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. කොළඹ පිහිටි නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී සිදු වු මෙම හමුවේදී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර, ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගත හැකි ප්රවේශයන් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණා ශ්‍රී ලංකාවේ ප්රමුඛ සංවර්ධන ඉලක්කයන්ට අනුකූලව, ආපදා අවදානම් අවම කිරීම සඳහා නෙදර්ලන්තයේ නුතන තාක්ෂණික ක්‍රමවේද සහ විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීමට නෙදර්ලන්ත රජයේ ඇති කැපවීම තානාපතිවරයා මෙහිදී යළිත් තහවුරු කළා.




