වෙරල ඛාදනය පාලනය කළ ස්ථානවලම නැවත වරක් වෙරළ ඛාදනය සිදුවන බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි

ආරච්චිකට්ටුව උඩප්පුව ප්‍රදේශයේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගල් වැටි යොදා වෙරල ඛාදනය පාලනය කළ ස්ථානවලම නැවත වරක් වෙරළ ඛාදනය සිදුවන බව එම ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.
මේ වන විට මීටර් 500 කට වැඩි ප්‍රමාණයක් ගොඩබිම ඛාදනය වී ඇති බවත් වර්තමානය වන විට තත්ත්වය දරුණු වී ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.
සාගර ජලය ආශ්‍රිතව නිර්මාණය වන සාගර තරංග, සහ උදම් රළ හේතුවෙන් වෙරළ ඛාදනය සිදු වනවා .
වර්තමානයේ වෙරළ ඛාදනය ‍කෙරෙහි මානව බලපෑමි ද අධික ලෙස බලපා ඇති අතර ආරච්චිකට්ටුව උඩප්පුව වෙරළ තීරය නැවත වතාවක් දැඩි ලෙස ඛාදනය වන්නට පටන් ගෙන ඇත්තේද ඒ අනුවයි
සම්පූර්ණයෙන්ම ධීවර කර්මාන්තයේ නිරත පිරිසක් ජීවත් වන උඩප්පුව පුත්තලම දිස්ත්‍රික්කයේ වැඩිම මත්ස්‍ය අස්වැන්න ලබා ගන්නා ප්‍රදේශයක්. මේ වන විට ධිවර වාඩි දෙකක් නිවාස ඇතුළු ගොඩනැගිලි කිහිපයක් ම මුහුදට බිලි වී ඇති අතර, ඇතැම් නිවාස ද අතහැර දමා තිබෙනවා.
උඩප්පුව වෙරළ තීරය මීට පෙරද දැඩි ලෙස ඛාදනය වූ අතර,ඒ පිළිබදව මාධ්‍ය මගින් හෙලි කිරීමෙන් අනතුරුව ඛාදනය පාලනය කිරීම සදහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගල් වැටී යෙදීමක්ද ද සිදු කළා.
මේ වන විට වෙරළ ඛාදනය වන්නේත් එම ගල් වැටි ආසන්නයෙන්.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවමත් කිසිවෙකුගේ අවධානය යොමු නොවීම කණගාටුවට කරුණක්.

Share