මේ අතර මැදපෙරදිග කලාපයේ ඇතිව තිබෙන යුද ගැටුම් හේතුවෙන් මේ වන විටත් කලාපයේ සියලුම ගුවන් සීමා වසා දමා තිබෙනවා.
ඒ හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළේ සිට මැදපෙරදිග ගමනාන්ත බලා පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන් ගමන් සියල්ල අද දිනයේ තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.
එම කාලය තුළ කටුනායක ගුවන්තොටුපළේ සිට පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන් ගමන් අවලංගු කෙරුණු බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවා.
මේ හේතුවෙන් මැද පෙරදිග කලාපයේ රටවලට යාම සඳහා කටුනායක ගුවන්තොටුපළට පැමිණි දෙස් විදෙස් මගීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටියා.
මැදපෙරදිග බලා යන ගුවන් ගමන් අවලංගු කිරීම හේතුවෙන්, සිය වීසා බලපත්‍ර වලංගු කාලය තුළ ශ්‍රී ලංකාවෙන් පිටවීමට නොහැකි වන ගුවන් මගීන්ට සහනයක් ලබා දීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව වීසා අවලංගු වීමෙන් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවිය හැකි බැවින් එම විදේශිකයින්ට මෙරටින් නැවත පිටත්වන තෙක් රට තුළ රැඳී සිටීමට ඉඩ සැලසෙන පරිදි නොමිලේ දින 7ක වීසා දීර්ඝ කිරීමක් ලබා දී ඇතැයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැවසුවා.
මේ අතර, මැදපෙරදිග හෝ මැදපෙරදිග හරහා වෙනත් ගමනාන්තය වෙත ගමන් කිරීමට සැලසුම් කර ඇති ගුවන් මගීන් කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණීමට පෙර තම ගුවන් සේවා නියෝජිතයින් ඇමතීම මඟින් තොරතුරු යාවත්කාලීන කර ගන්නා ලෙස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල මගීන්ගෙන් ඉල්ලීමක් කරනවා.
බහරේන් – තරංගිකා +973 3597 0290
ඉරානය – ලක්මාල් +98939 205 5161
ඊශ්‍රායලය – තානාපති කාර්යාලය – +97255 930 5731
ජෝර්දානය – කොන්සියුලර් කාර්යාලය – +962 781548 585
සෞදි ආරාබිය – මධුර – +966 50 425 7224
කුවේටය – තානාපති කාර්යාලය – +965 2535 4611
ලෙබනනය – ඉක්ක්‍රාම් – +96 17 179 9067
සිරියාව – ෆහාඩ් – +961 81 36 3894
යේමනය – කෞෂි – +961 8168 5186
ඕමානය – තානාපති කාර්යාලය – +96 878 252 852
පලස්තීනය – තානාපති කාර්යාලය – +94 767 826 865
කටාරය – තානාපති කාර්යාලය – +974 3045 1601
එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ අබුඩාබි සහ ඩුබායි – තානාපති කාර්යාලය +971 50 931 8538
තුර්කිය – තානාපති කාර්යාලය – +90 534 456 9498





