බ්‍රිතාන්‍ය රජය ලන්ඩනය මධ්‍යයේ මහා පරිමාණ චීන තානාපති කාර්යාලයක් ඉදිකිරීමට අනුමැතිය ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව විදේස් මාධ්‍ය වාර්තා කරනවා.
එක්සත් රාජධානියට එල්ල විය හැකි ආරක්ෂක අවදානම් පිළිබඳව වසර ගණනාවක් තිස්සේ පැවති මතභේද සහ දේශපාලනික අරගලවලින් පසුව මෙම තීරණය ගෙන ඇතැයි සඳහන්.
කෙසේ වෙතත්, නව තානාපති කාර්යාලය සඳහා චීනයේ අයදුම්පත ප්‍රතික්ෂේප කරන ලෙස විවිධ පාර්ශ්ව එරට රජයෙන් ඉල්ලා තිබෙනවා.
ලන්ඩනයේ මූල්‍ය මධ්‍යස්ථාන සහ තීරණාත්මක දත්ත කේබල්වලට ආසන්නව පිහිටි විශාල භූමියක පිහිටි යෝජිත නව තානාපති කාර්යාලය ඔත්තු බැලීම සඳහා මධ්‍යස්ථානයක් ලෙස භාවිත කරනු ඇතැයි ඔවුන්ගේ මතයයි.
අගමැති කීර් ස්ටාර්මර්ගේ ඉදිරි චීන සංචාරයට පෙර තානාපති කාර්යාලය අනුමත කෙරෙනු ඇතැයි සඳහන්.
මෙය 2018 වසරෙන් පසු බ්‍රිතාන්‍ය අගමැතිවරයෙකු චීනයේ කරන පළමු සංචාරය වනු ඇති.





