නාමල්ගේ ඉල්ලීම

ආපදාවෙන් විපතට පත් වූ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව වහා රැස් කරන්නැයි අග්‍රාමාත්‍යවරියගෙන් ඉල්ලීමක් කළ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ විපතට පත් වූ ජනතාවගේ ගැටලු පිළිබඳ සොයා බැලීම සඳහා එම ප්‍රදේශවල නිරත වූ සංචාරයක් අතරතුර මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

ආපදාවෙන් විපතට පත් වූ ජනතාවගේ ගැටලු පිළිබඳව සොයා බැලිම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා කොත්මලේ ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා.

Share