වැලිගම උඩුකාව ජයවික්‍රමපුර ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක පවත්වාගෙන යන මල අපද්‍රව්‍ය අංගනයක් හේතුවෙන් ජනතාව දැඩිලෙස අපහසුතාවට පත්ව ඇති බවට චෝදනා කරමින් ප්‍රදේශයේ ජනතාව අද පෙරවරුවේ විරෝධතාවයක නිරත වුණා
මෙම විරෝධතාව හේතුවෙන් වැලිගම අකුරැස්ස ප්‍රධාන මාර්ගය අවහිර වී තිබූ බැවින් වැලිගම මුලස්ථාන පොලිසියේ නිලධාරීන් පැමිණ රථවාහන ගමනාගමනයට මාර්ගය විවෘත කිරීමට උත්සාහ කිරීමත් සමග දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වයක් ද හටගත්තා.





