වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙඳුන්ට දඩ

වැඩිමිලට පානීය ජල බෝතල් අලෙවි කළ බෙලිහුල්ඔය සහ බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිවාඩු නිකේතනයකට සහ පුද්ගලික ආයතනයකට රුපියල් මිලියනය බැගින් දඩ පැනවීමට බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා
බෙලිහුල්ඔය ප්‍රදේශයේ අදාළ නිවාඩු නිකේතනය විසින් රුපියල් 100ක මිලකට අලෙවි කළ යුතු ලීටරයක පානීය ජල බෝතලක් රුපියල් 400ක මිලට අලෙවි කර ඇති අතර රුපියල් 70කට අලෙවි කළ යුතු මිලිලීටර් 500 පානිය ජල බෝතලයක් රුපියල් 230කට අලෙවි කළ බණ්ඩාරවෙල ඇල්ල ප්‍රදේශයේ පුද්ගලික ආයතනයටකට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙලෙස නඩු පවරා තිබුණා.

Share