වතුකම්කරුවන් සඳහා අයවැයෙන් වැඩි කළ රුපියල් 1750ක් වූ වැටුප අද මුල්වරට වතු ජනතාවට ලබා දුන්නා.
ඒ සම්බන්ධයෙන් වතුකරයේ ජනතාවගෙන් පළ වූයේ ඉහළ ප්‍රතිචාරයක්.
වැටුප ලබා ගැනීමෙන් අනතුරුව වතුකරයේ බොහෝ ස්ථානවල තේ කර්මාන්තයට සම්බන්ධ බොහෝ පිරිස් කිරිබත් කා සතුට පළ කළා.
ශ්‍රී ලංකාවේ වතු කම්කරු ජනතාව දශක ගණනාවක් පුරා මෙරට ආර්ථිකයට ලබාදුන් ශක්තිය අතිමහත්.
තේ දළු නෙලීම ඇතුළු කාර්යයන්ගෙන් තේ කර්මාන්තයට ඉමහත් මෙහෙවරක් ඉටු කරන මෙරට වතු කම්කරු ජනතාවට තවමත් හිමිවන්නේ දෛනික වැටුපක්.
අවස්ථා ගණනාවක්ද පැවති රජයන්ට සිදු කළ ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට අවසන් වරට රුපියල් 1350ක දෛනික වැටුපක් දක්වා වටුප ඉහල දැමුනා.
එම වැටුප 1750 දක්වා ඉහළ නංවන ලෙස වතුකම්කරු ජනතාව අවස්ථා ගණනාවකදී ඉල්ලීම් සිදු කළ ද එය යථාර්ථයක් බවට පත්වූයේ නැහැ.
කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව තම දෙවන අයවැය ඉදිරිපත් කරමින් පසුගිය නොවැම්බර් මාසයේදී වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1750 දක්වා ඉහළ නැංවීමට කටයුතු කළා.
ඒ අනුව රුපියල් 1550ක් වතු හාම්පුතුන්ගෙන් වතුකම්කරුවන් වෙත ලබාදෙන අතර, රුපියල් 200ක් රජය මඟින් ගෙවනු ලබනවා.
ඊට අදාළව ප්‍රාදේශීය වැවිලි සමාගම් හා ප්‍රජා වතු යටිතල පහසුකම් අමාත්‍යංශය අතර, අවබෝධතා ගිවිසුමක් පසුගිය 30 වැනිදා අත්සන් කරනු ලැබුවා.
ඒ අනුව දිනකට රුපියල් 1750 බැගින් වූ වැටුප අද මුල්වරට වතු ජනතාවට හිමිවුණා.
කිරිබත් කා ඔවුන් සිය සතුට සමරනු ලැබුවේ මෙලෙසින්.
වසර ගණනාවක තමන්ගේ ඉල්ලීම යතාර්ථයක් බවට පත් කළ රජයට ස්තුති කිරීමට ද වතුකම්කරු ජනතාව අමතක කළේ නැහැ.
මේ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ද අදහස් පළ වුණා




