වාහන ආනයනයෙන් රජය රුපියල් බිලියන 441ක ආදායමක් බලාපොරොත්තු වූ නමුත් දැනට රුපියල් බිලියන 904ක ආදායමක් ලැබී ඇතැයි අද පාර්ලිමේන්තුවේ දී අනාවරණ වුණා.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා මේ බව අනාවරණ කළා.
කෙසේ වෙතත් මෙරටට ආනයනය කළ සුභෝපභෝගී වාහන දහසකට අධික සංඛ්‍යාවක් වසරකට අධික කාලයක තිස්සේ තවදුරටත් රේගුවේ රඳවා ගැනීම හේතුවෙන් ඒවා භාවිතයට නුසුදුසු තත්ත්වයට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පෙන්වා දුන්නා.
ඔහු ඉල්ලා සිටියේ අදාළ වාහන කඩිනමින් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසයි.





