දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් අසළ නිර්මාණය වූ පෝලිම් විසඳීම සඳහා අද සිට වාහනයේ අංකයේ අවසන් ඉලක්කම මත ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කළා.
අද ඉන්ධන ලබා දුන්නේ ඔත්තේ ඉලක්කමක් ඇති වාහන සඳහායි.
කෙසේ වෙතත් ඉන්ධන පිරවුම්හල් අසල තවදුරටත් පෝලිම් දක්නට ලැබෙනවා.
මේ අතර ඉන්ධන කෝටාව ලබා ගැනීම සඳහා QR කේතය ලබා ගැනීමේ දී පැවති තාක්ෂණික ගැටලු විසඳා ඇතැයි අමාත්‍ය බිමල් රත්නායක අද පාර්ලිමේන්තුවේ දී පැවසුවා.
ඉන්ධන සැපයුම පිළිබඳ අවිනිශ්චිතතාව මත මෙරට ඉන්ධන සංචිත කළමනාකරණය සඳහා පසුගිය ඉරිදා සිට වාහන සඳහා කෝටාවක් ලබා දීම ආරම්භ කළේ QR කේතයක් අනුවයි.
නමුත් ඉන්ධන පෝලිම් අසල පෝලිම් අඩු නොවීම හේතුවෙන් වාහන අංක තහඩුවේ අවසාන අංකයට අනුව අද සිට ඉන්ධන නිකුත් කිරීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව තීරණය කළා.
ඒ අනුව ඔත්තේ සහ ඉරට්ටේ පදනම මත ඉන්ධන ලබා දීම සිදුකරනවා.
නමුත් තවදුරටත් ඉන්ධන පෝලිම් පවතින අයුරු දක්නට ලැබුණා.
මේ අතර අංක තහඩු මෙතෙක් නිකුත් කර නොමැති බැවින් වාහනයේ අනන්‍යතාව නිවැරදිව තහවුරු කරගැනීම සඳහා අවශ්‍ය අවස්ථාවක දී වාහන ආදායම් බලපත්‍රය, වාහනයේ ලියාපදිංචි සහතිකය, රක්ෂණ සහතිකය හෝ දුම් පරීක්ෂණ සහතිකය යන ලේඛන ඉදිරිපත් කරන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
QR කේතයක් ලබා ගැනීමේ දී මෙතෙක් පැවති තාක්ෂණික අවහිරතා නිරාකරණය කර ඇතැයි අමාත්‍ය බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසුවා.
මේ අතර නියමිත උපදෙස්වලට පරිබාහිරව කටයුතු කරන ඉන්ධන හල්හිමියන් පිළිබඳ දැනුම්දීම සඳහා විශේෂ දුරකතන අංක දෙකක් ද හඳුන්වා දී තිබෙනවා
ඒ අනුව 0112 106 767 , 0117 296 130 යන දුරකථන අංක ඔස්සේ නීතිවිරෝධී ඉන්ධන නිකුත් කිරීම්වලට අදාළව පැමිණිලි කළ හැකියි.
පොලිසියට ලද තොරතුරක් මත මොණරාගල බෝහිටිය ප්‍රදේශයේ කළ වැටලීකමදී ඩීසල් සහ පෙට්‍රල් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා
සැකකරු සන්තකයේ තිබී ඩීසල් ලීටර් හයසිය තිහක් සහ පෙට්‍රල් ලීටර් දෙසිය හැත්තෑවක් පොලිසිය සොයා ගත්තා.




