වසරේ ගතවූ දින 25 තුළ සංචාරකයින් 223,645 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එම කාලසීමාව තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පසුගිය 15 වැනිදා මෙරටට පැමිණ ඇති අතර, එම සංඛ්‍යාව 10,483ක්. එසේම, ගත වූ දින 25 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 41,603ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කළේ.




