වනාතවිල්ලුවේ කජු වගාවට කණ කොකා හඩයි

දිවයිනේ කජු වගාවට විශාල ප්‍රසිද්ධියක් උසුලන වනාතවිල්ලුවේ කජු ඵලදාව ශිඝ්‍රලෙස අඩු‍වෙමින් පවතින බව වගාකරුවන් මැසිවිලි නඟනවා
ඔවුන් පෙන්වා දෙන ආකාරයට දේශගුණික විපර්යාසය මෙන්ම අකල් වැසි ඵලදාව අඩුවීමට සෘජුව බලපා තිබෙනවා.

දේශීය කජු නිෂ්පාදනයට වැඩිම දායකත්වයක් ලැබෙන්නේ පුත්තලම දිස්ත්‍රික්කයෙන්.
පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් වනාතවිලලුව, මයිලන්කුලම, කරඩිපුවල්, මල්විල, නාගමඩුව, මංගලපුර, මොරපතාව, විජයපුර, බණ්ඩාරනායකපුර, එළුවන්කුලම ආදී ප්‍රදේශවල ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ කජු වගාවයි.
කෙසේ වෙතත් පාරිසරික ගැටලු ගණනාවක් හේතුවෙන් මේ වන විට කජු අස්වැන්නට විශාල බලපැමක් එල්ල වී ඇතැයි ගොවීන් පෙන්වා දෙනවා.
ප්‍රදේශවාසීන් පවසන්නේ කජු ශාකයේ මල් හට ගන්නා මූලික අවධියේම ඇති වන අධික වර්ෂාව හේතුවෙන් කජු මල් විනාශ වී යාමෙන් අස්වැන්න විශාල ලෙස පහත වැටී ඇති බවයි.
එසේම කජු වගාවේ නියැලුණු බොහෝ පිරිස් එම වගාවන් ඉවත් කර පොල් වගාවට යොමු වීමේ ප්‍රවණතාවක් ද දක්නට ලැබෙනවා.
ඒ අනුව අක්කර 5000කට අධික ප්‍රමණයක පොල් වගා කර ඇතැයි සඳහන්.
දේශීය හා විදේශීය වෙළදපල ඉලක්ක කර ගනිමින් කජු මෙට්‍රික්ටොන් 50000ට ආසන්න ප්‍රමාණයක් මීට පෙර අලෙවි කෙරුණ ද එය මේ වන විට මෙට්‍රික්ටොන් 30,000ටත් අඩු ප්‍රමාණයක් දක්වා පහත වැටී තිබෙනවා.

Share