දකුණු පළාතේ 11 ශ්‍රේණිය වාර විභාගයට අදාළව අද පැවැත්වීමට නියමිතව තිබූ ඉතිහාසය විෂය ප්‍රශ්න පත්‍රය කලින් පිට වී ඇති බවට ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් චෝදනා කරනවා.
ඒ් සමගම අද පැවැත්වීමට නියමිතව තිබූ බස්නාහිර පළාතේ 11 වසර අවසන් වාර විභාගයට නියමිතව තිබූ ඉතිහාසය ප්‍රශ්න පත්‍රය ද ඊයේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබුණා.
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2026 අධ්‍යයන වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් ආරම්භ වුණා. අදින් ආරම්භ වන 2026 පළමු පාසල් වාරයේ දෙවන අදියර පෙබරවාරි මස 13 වැනිදා දක්වා ක්‍රියාත්මක වනවා. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් පෙබරවාරි මස 14 වැනිදා සිට මාර්තු මස 02 වැනිදා දක්වා පාසල් සඳහා යළි නිවාඩු ලබා දෙන බව බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා. මේ අතර මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ පාසල්වල දරුවන් වෙනුවෙන් අද ආරම්භ වූ අවසන් වාර විභාගයේ ඉතිහාසය ප්‍රශ්නපත්‍ර කලින් පිටවී තිබෙනවා. දකුණු පළාත් ඉතිහාසය ප්‍රශ්න පත්‍රයේ පළමු සහ දෙවන කොටස් මෙන්ම බස්නාහිර පළාත් ඉතිහාසය ප්‍රශ්න පත්‍රය සහ ඊට අදාළ පිළිතුරු ද මෙසේ සංසරණය වෙමින් තිබුණා.
මේ අතර ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් චෝදනා කරන්නේ, වාර විභාග පැවැත්වීම අවශ්‍ය නොවන බවට අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් දී තිබියදී, මෙම පළාත් සභා මෙසේ අවිධිමත්ව විභාග පවත්වා ඇති බවටයි.
මේ අතර විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ නියොජිතයින් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවුණා.
විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පැනනැගී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මින් පෙර ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ දිගුවක් ලෙස අද දින පැවති සාකච්ඡාවේදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විශේෂඥයන් ඇතුළු සියලු පාර්ශ්වයන් ඒකාබද්ධ කරගත් නිසි නෛතික රාමුවක් සහිත යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීමට කටයුතු කරන බවට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපතිවරයා සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒ්කකය පවසන්නේ.
සාකච්ඡා අවසන් කර පැමිණි විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ නියෝජිතයින් ද ඒ බව තහවුරු කළා.





