ලිබියානු යුද හමුදාපති ගුවන් අනතුරකින් මියයයි

ලිබියානු යුද හමුදාපති මොහොමඩ් අලි අහ්මඩ් අල් හඩාඩ්, තුර්කියේ අන්කාර නුවර ආසන්නයේ සිදුවූ ගුවන් අනතුරකින් මියගොස් තිබෙනවා.
හමුදාපතිවරයා, හමුදාවේ උසස් නිල දරන ප්‍රධානීන් සිවු දෙනෙක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙක් රැගත් පෞද්ගලික ජෙට් යානය අනතුරට ලක්වන අවස්ථාවේදී අන්කාරා සිට ලිබියාවේ ට්‍රිපොලි බලා පියාසර කරමින් පැවතියා.
අනතුරින් යානයේ සිටි සියලුමදෙනා මියගොස් ඇතැයි සැලකෙනවා.
අනතුරට පෙර යානයේ නියමුවන් යම් තාක්ෂණික දෝෂයක් සම්බන්ධව ගුවන් පාලක මධ්‍යස්ථානයට දන්වා, යානය ගොඩබැස්වීමට උත්සහ දරා ඇතත් එය අසාර්ථක යී ඇතැයි මාධ්‍ය වාර්තා කළා.

Share