ඊයේ මධ්යම රාත්රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්රෝ ගෑස් මිල ඉහළ නංවා තිබෙනවා.
ඒ අනුව කිලෝග්රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 3990ක්.
මේ අතර මේ වන විට කොළඹ වරායට ගෑස් මෙට්ට්රික් ටොන් තුන්දහසක තොගයක් ලැබී ඇති බව ලාෆ් ගෑස් සමාගම සඳහන් කළා.
කෙසේ වෙතත් ඉදිරියේදී පැමිණීමට නියමිත ගෑස් තොග සඳහා වන මිල ගණන් සම්බන්ධයෙන් දැන්ම පුරෝකථනයක් සිදුකළ නොහැකි බවයි එම සමාගම පවසන්නේ.
මේ අතර ලෝක වෙළෙඳ පොළේ සීඝ්රෙයන් ඉහළ ගිය බොරතෙල් මිල මේ වනවිට පහළ වැටී ඇති බව විදෙස් මාධ්ය වාර්තා පවසනවා.
ඊයේ මධ්යම රාත්රියේ සිට බලපැවැත්වෙන පරිදි ගෑස් මිල ඉහළ නංවා ඇති බව ලිට්රෝ සමාගම නිවේදනය කරනවා.
ඒ අනුව කිලෝග්රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 3990ක්.
එසේම, කිලෝග්රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 1602ක් වනවා.
රුපියල් 56කින් ඉහළ නැංවෙන කිලෝග්රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 750ක්
ලෝක වෙළඳපොළේ ගෑස් මිල අසාමාන්ය ලෙස ඉහළ යාම හේතුවෙන් මෙම මිල සංශෝධනය කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ටීවී සුප්රීම් නිව්ස් ලිට්රෝ සමාගමෙන් විමසීමක් කළා.
එහි සභාපති චන්න ගුණවර්ධන මහතා පැවසුවේ මේ මාසය සඳහා ගෑස් මෙට්රික් ටොන් 38,000ක් ඇනවුම් කර ඇති අතර එය මේ වනවිටත් මාලදිවයින වෙත ළගා වී ඇති බවයි.
එසේම ඉන් මෙට්රික් ටොන් 11,000 මේ වනවිටත් මෙරටට බෙදා හැර ඇති අතර, ඉතිරි ප්රමාණය දිනෙන් දින ගෙන්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර, පසුගිය දිනවල ලාෆ් ගෑස් හිඟයක් පැවති අතර එහි මිල සංශෝධනයක් සිදුවනවා ද යන්න සම්බන්ධයෙන් ටීවී සුප්රීම් නිවිස් ලාෆ් ගෑස් සමාගමෙන් ද විමසීමක් කළා.
එහිදී එහි සභාපති ඩබ්ලිව්. කේ. එච් වෑගපිටිය මහතා පැවසුවේ හදිසි නීතිය යටතේ රජය ලබා දුන් අවසරය පරිදි මේ වනවිට ගෑස් මෙට්රික් ටොන් 15,000ක් ඇනවුම් කර ඇති බවයි.
ඉන් ගෑස් මෙට්රික් ටොන් 3500ක් මේ වන විටත් කොළඹ වරායට පැමිණ ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර ඉදිරි 17 වැනිදා සහ 19 වැනිදා තවත් ගෑස් ප්රමාණයක් හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව පවතින අතර ඒවායේ මිල පිළිබඳ තීරණයක් මේ වනවිට ගෙන නොමැති බවයි.
කෙසේ වෙතත් පවතින ලෝක තත්ත්වය හමුවේ ගෑස් සැපයුම්කරුවන් විසින් මිල ඉහළ දැමීමට අමතරව ප්රවාහන ගාස්තු සහ අධික රක්ෂණ ගාස්තු හේතුවෙන් නියත වශයෙන්ම එම ගෑස් තොගයේ මිල ඉහළ යා හැකි බවයි ඔහු පවසා සිටියේ.
කෙසේ වෙතත් එම ප්රමාණය කොපමණක් ද යන්න සම්බන්ධයෙන් පුරෝකථනය කළ නොහැකි බවත් වෑගපිටිය මහතා වැඩිදුරටත් පවසා සිටියා.
මේ අතර ගාල්ල ප්රදේශයේ දිගු ගෑස් පෝලිම් දක්නට ලැබුණු බව ටීවි සුප්රීම් නිව්ස් ප්රාදේශිය වාර්තාකරුවන් පැවසුවා.
ලෝක වෙළෙඳපොළේ සීඝ්රෙයන් ඉහළ ගිය බොරතෙල් මිල මේ වනවිට පහළ වැටී ඇති බව විදෙස් මාධ්ය වාර්තා පවසනවා.
අද උදෑසන 10.30 පමණ වනවිට බ්රෙන්ට් බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 86.86ක පමණ අගයක සටහන් වූ බව විදෙස් මාධ්ය වාර්තා පවසනවා.
එම කාලසීමාවේදී ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල ඇ.ඩො.82.96ක අගයක් සටහන් වුණා.
2022 වසරේ ජුලි මාසයෙන් පසු පළමුවරට පසුගිය සඳුදා බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව පසු කළ අතර එය ඩොලර් 119 ක උපරිම මිලක් සටහන් වුණේ මැදපෙරදිග යුද ගැටුම් උත්සන්න වීමත් සමගයි
මේ අතර, බාහිර බලපෑම් හමුවේ ශ්රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සුරක්ෂිත කිරීමට සහ පුරවැසියන්ගේ සුභසාධනය ආරක්ෂා කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ යෝජනාවකට අනුව පිහිටුවන ලද ආර්ථික ආවේක්ෂණ කමිටුව ඊයේ ජනාධිපති කාර්යාලයේදී රැස් වුණා
මෙහිදී මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ගෝලීය වශයෙන් නිර්මානය වී ඇති අස්ථාවර ආර්ථික පරිසරයෙන් මෙරට ආර්ථිකයට එල්ලවිය හැකි අයහපත් බලපෑම් සහ ඒ හමුවේ වෙළඳපොළ ස්ථාවර කිරීමට සහ පුරවැසියන් ආරක්ෂා කිරීමට ගතයුතු කඩිනම් පියවර පිළිබඳ අවධානය යොමුවුණා
ඉතා කුඩා විවෘත ආර්ථිකයක් වන ශ්රී ලංකාව ඉන්ධන ආනයනය, මැද පෙරදිග කලාපයේ සේවය කරන විදේශගත ශ්රමිකයන්ගෙන් ලැබෙන මුදල් ප්රේෂණ මෙන්ම එම කලාපය සමඟ ඇති වාණිජ හා ආයෝජන සම්බන්ධතා මත බොහෝ දුරට රඳා පවතිනවා
එබැවින් ශ්රී ලංකාව බාහිර ආර්ථික කම්පනවලට නිරාවරණය වීමේ අවදානම සහ ඒ පිළිබඳ නිරන්තරයෙන් අධීක්ෂණය කරමින් ගත යුතු අත්යවශ්ය ප්රතිපත්තිමය ක්රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වුණා.





