රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමි රෝහල්ගත කර තිබෙනවා
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ. සී. ගජනායක මහතා සදහන් කළේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා උන්වහන්සේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බවයි. අද පෙරවරු 10ට පමණ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට හදිසි රෝගි තත්ත්වයක් හටගෙන තිබෙනවා
ඒ අනුව රුධිර පරීක්ෂාවක් සිදු කිරීම සඳහා උන්වහන්සේ රෝහල්ගත කළ බව TV සුප්‍රීම් නිව්ස් කළ විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.
ත්‍රිකු්නාමලය විහාරස්ථානයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධියට අදළාව වෙරළ සංරක්ෂණ පනතේ චෝදනා මත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ සිව් නමක් සහ තවත් හයදෙනෙක් ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.
රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයට එරෙහිව උන්වහන්සේ ගොනු කළ රිට් පෙත්සම පිළිබඳ අභියාචනාධිකරණයේ නියෝගය ලබන 30 වැනිදා ලබා දීමට නියමිතයි.





