රුසියාව හෝ චීනය ග්‍රීන්ලන්තය අත්පත් කර ගනු ඇතැයි ඩොනල්ඩ් ට්‍රම්ප් විශ්වාස කරයි

රුසියාව හෝ චීනය අනාගතයේදී ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප් මේ පිළිබඳ අවධාරණය ක.ළේ වෙනිසියුලාවේ ආයෝජන පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තෙල් විධායකයින් සමග ධවල මන්දිරයේ පැවති සාකච්ඡාවකදී
ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගතහොත් රුසියාව හෝ චීනය ග්‍රීන්ලන්තය අත්පත් කර ගනු ඇති බවට තමා විශ්වාස කරන බව එහිදී ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
ග්‍රීන්ලන්තය දැනට ඩෙන්මාර්ක රාජධානියට අයත් ස්වයං පාලන ප්‍රදේශයක් වන අතර, එහි ජනගහනය 57,000ක් පමණ වෙනවා.
1951 ගිවිසුමක් යටතේ ඇමරිකානු හමුදා දැනටමත් එහි රැඳී සිටියද, එවැනි ගිවිසුම් පමණක් දූපතේ ආරක්ෂාව තහවුරු කිරීමට ප්‍රමාණවත් නොවන බවයි ජනපති ට්‍රම්ප් අවධාරණය කරන්නේ.
ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ඇමෙරිකාව ගන්නා ක්‍රියාමාර්ගවලට එරෙහිව මේ වන විටත් ඩෙන්මාර්කය ඇතුළු අනෙකුත් යුරෝපීය රටවල් විරෝධය පල කර තිබුණ ද මෙම භූමිය මිලදී ගැනීමට හෝ මිලිටරි බලය භාවිත කර අත්පත් කර ගැනීමට ට්‍රම්ප් ජනාධිපතිවරයා අවධානය යොමු කර ඇති බවයි වාර්ථා වන්නා.
ග්‍රීන්ලන්ත අගමැති ජේන්ස් ෆෙඩ්‍රික් නීල්සන් සහ විදේශ අමාත්‍ය විවියන් මොට්ස්ෆෙල්ඩ් මේ සම්බන්ධයෙන් කියා සිටියේ ග්‍රීන්ලන්තය විකිණීමට කිසිදු අදහසක් නොමැති බවත් එය ග්‍රීන්ලන්ත ජනතාවට අයිති බවත්ය.
ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට ඩෙන්මාර්කය ඇතුළු යුරෝපා රටවල් දැඩි විරෝධයක් පළ කළ අතර, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, පෝලන්තය, ස්පාඤ්ඤය සහ බ්‍රිතාන්‍යය යන රටවල් ඩෙන්මාර්කය සමග එක්ව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ ග්‍රීන්ලන්තයේ අනාගතය තීරණය කිරීමේ අයිතිය ඇත්තේ ග්‍රීන්ලන්තයට සහ ඩෙන්මාර්කයට පමණක් බවයි.

Share