රවිඳු, චනිත්මා ජාතික ස්කොෂ් ශූරතා ජයග්‍රහණය කරයි

ශ්‍රී ලංකා ස්කොෂ් සංගමය සංවිධාන කළ 45 වැනි ජ්‍යේෂ්ඨ ජාතික ශූරතා ස්කොෂ් තරගාවලියේ කාන්තා ශූරතාව දිනා ගැනීමට පසුගිය වසරේ ජාතික ශූරිය වූ චනිත්මා සිනලි සමත් වුණා.
වට 3 – 0ක් ලෙස රන්ලියා වුඩ් පරාජය කරමින් චනිත්මා ශූරතාව රැක ගත්තා.
විවෘත පිරිමි අංශයේ ශූරතාව අඛණ්ඩව 13 වැනි වරටත් දිනා ගැනීමට රවිදු ලක්සිරි සමත් වුණා.
ඔහු අතින් පරාජයට පත් වුණේ ෂමීල් වකීල්.
අවසන් තරග ඊයේ පැවැත්වුණේ රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් සිටියේ දී.

Share