තමන් මේ වන විට දේශපාලන දිවියෙන් බැහැර වී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
නීතිපතිවරයාගේ කාර්යය සම්බන්ධයෙන් මතුව ඇති සංවාදය පිළිබඳ ප්‍රතිචාරය කුමක් දැයි මහනුවර දී වාර්තාකරුවන් විමසූ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා පැවසුවේ දේශපාලනයෙන් බැහැර වී ඇති තමන් ඒ සම්බන්ධයෙන් මැදිහත් නොවන බවයි.
මල්වතු හා අස්ගිරි මහ නා හිමිවරු බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ මහනුවරට පැමිණ සිටියා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල මහා නා හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.





