බරපතල විනය සහ නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් රටේ ඉහළම නිලය දරන ජෙනරාල්වරයාට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව චීන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
ඒ ජනාධිපති ෂී ජින් පිංගේ සමීපතම හමුදා සගයා ලෙස සැලකෙන ජෙනරාල් ෂැං යූෂියාට එරෙහිවයි.
මේ අතර, තවත් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු වන ජෙනරාල් ලියු ෂෙන්ලි ද විමර්ශනයට ලක්ව ඇති බව අමාත්‍යාංශය සිය නිවේදනයේ සඳහන් කර තිබෙනවා.





