විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරන “රටම එකට” ජාතික මෙහෙයුමේ මධ්‍යම පළාත් වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද නුවරඑළියේදී පැවැත්වීමට නියමිතයි.
ඒ වෙනුවෙන් නුවරඒළියට ගිය ජනාධිපතිවරයා වතු කම්කරුවන් මුණ ගැසුණා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි අවට වතුයායේ වතුකම්කරුවන් හමු වුණා.
ජනාධිපතිවරයා එම ස්ථානය පැමිණිමත් සමගම වතු කම්කරුවන් ජනාධිපතිවරයාව උණුසුම් අයුරින් පිලිගත් අතර තම දෛනික වැටුප වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සිය ස්තූතියද පල කළා.
මෙහිදි මාධ්‍යට අදහස් දැකුවූ වතු කම්කරුවන් කියා සිටියේ තමන්ගේ ගැටළු සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණි එකම ජනාධිපතිවරයා වත්මන් ජනාධිපතිවරයා බවයි.





