අද උදෑසන 08.00 සිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැය 48ක සංකේත දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරමිභ කළා.
සංගමය පැවසුවේ නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් එකඟතා ක්‍රියාත්මක කිරීමට අසමත් වීම මත මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීසට දිවයින පුරා රජයේ රෝහල්වෙත පැමිණි රෝගීන් දැඩි පීඩාවකට පත් වුණා.
ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවයේ සහ වෛද්‍යවරුන්ගේ සැබෑ ගැටලු හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබාදීම සඳහා අවශ්‍ය කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ප්‍රතිපත්ති හෝ ක්‍රියාමාර්ග කිසිවක් පසුගිය අයවැය තුල අන්තර්ගත නොවීම හේතුවෙන් සෞඛ්‍ය පද්ධතිය සහ සෞඛ්‍ය සේවකයින් තුල බරපතල නොසන්සුන්තාවයක් සහ විරෝධතාවයක් ඇති වුණා.
ඒ අනුව සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ සැබෑ ගැටලු සඳහා විසඳුම් ලබා දීමට බල කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තිය ක්‍රියාමාර්ග මාලාවක් දියත් කල අතර, සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් ලිඛිත එකඟතාවයන් මත එම වෘත්තීය ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.
සියලු කාණ්ඩවල වෛද්‍යවරුන් ඇතුළත් කර ගනිමින් “ශ්‍රී ලංකා වෛද්‍ය සේවය” නමින් සුවිශේෂී සේවා කාණ්ඩයක් බිහිකිරීම සඳහා සියලු පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් සහ එකඟතාවයෙන් කෙටුම්පත් කර ඇති කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා ගෙන ඉදිරි කටයුතු සිදු කිරීම.
වෛද්‍යවරුන්ගේ DAT දීමනාව යාවත්කාලීන කිරීම
22/99 චක්‍රලේඛයට අනුකූලව ප්‍රවාහන ගැටලු විසඳිම
අමතර රාජකාරි දීමනාව ස්ථාවර දීමනාවක් බවට පත් කිරීම
පර්යේෂණ දීමනාවේ ගැටලු විසඳිම
ඉහත ගැටලු කාල රාමුවක් සහිතව විසඳිම සඳහා 2026.01.05 දින සිට මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා ආරම්භ කිරීම යි. (මේ අදහස තියෙන කට් එකක් ගන්න/ එකඟතා side card එකක් දාන්න)
කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යවරයා ලිඛිතව ලබා දුන් එකඟතා දිගින් දිගටම උල්ලංඝණය කිරීම හේතුවෙන් අද පෙරවරු 8 සිට පැය 48ක සංකේත දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
වර්ජනය හේතුවෙන් සායනික සහ බාහිර ප්‍රතිකාර සේවා ලබා ගැනීමට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවන්ට මුහුණ දී සිටියා
වැඩවර්ජනය පැවැත්වෙන පැය 48 ක කාලය තුලදි හදිසි සහ අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මකයි.
එමෙන්ම වැඩවර්ජන ක්‍රියාමාර්ගය ළමා රෝහල්, මාතෘ රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු ප්‍රතිකාර ඒකක, ත්‍රිවිධ හමුදා රෝහල් තුල සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ක්‍රියාත්මක නොවන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.





