යුද්ධය ගැන කතා කරන්න විපක්ෂය එක්වෙයි

මැදපෙරදිග යුද ගැටුම සම්බන්ධයෙන් ‌දෙදින පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලීමට විපක්ෂය සූදානම් වනවා.
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අප කළ විමසීමකදී කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් හෙට දින විපක්ෂයේ සියලු පක්ෂ නායකයින් සමඟ හදිසි සාකච්ඡාවක්ද කැඳවා ඇති බවයි.
පාර්ලිමේන්තුවේ දෙදින විවාදයක් ඉල්ලා සිටීම පිළිබඳ එහිදී අනෙකුත් පක්ෂ නායකයින්ද දැනුවත් කෙරෙනු ඇති.
මේ අතර අනුරාධපුර පැවති උත්සවයකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියේ මැදපෙරදිග කලාපයේ සේවය කරන රට විරුවන් රැක ගැනීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

මේ අතර මැදපෙරදිග පවතින තත්ත්වය සහ එහි ශ්‍රී ලංකාවට ඇති බලපෑම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් ද අදහස් පල කළා.

Share