යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි හා අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් අතර හමුවක්

යුක්‍රේනය සහ රුසියාව අතර සාම ගිවිසුමකට එලැඹීමේ අඛණ්ඩ උත්සාහයේ අරමුණ වෙනුවෙන් යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමු වී තිබෙනවා.
ෆ්ලොරිඩාවේ පිහිටි ට්‍රම්ප්ට අයත් මාර්-ඒ-ලාගෝ මන්දිරයේදී මෙම හමුව සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
යුක්‍රේන ජනාධිපතිවරයා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවන තුන්වැනි අවස්ථාව මෙයයි.
රුසියානු – යුක්‍රේන සාම සැලැස්මට අමෙරිකානු ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවලින් 90%ක් සඳහා යුක්‍රේනය එකඟ වන බව දෙපාර්ශ්වය අතර පැවැති හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කළා.

Share