මාර්ගයේ නවතා තිබූ යතුරුපැදි සොරකම් කිරීමේ ජාවාරමේ නිරත වූ සැකකරුවන් දෙදෙනෙකු සොරාගත් යතුරු පැදියක්ද සමග වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් දෙදෙනා පසුගිය දිනෙක වැල්ලවාය නගර ආසන්නයේ වෙළෙඳසැලක් අසල නවතා තිබූ යතුරුපැදියක් සොරකම් කරන අයුරු එහි සවිකර තිබූ සීසීටීවී කැමරාවක ද සටහන්ව තිබුණා.





