මෝදි විසින් ගුවහාති ගුවන් තොටුපොළේ නව පර්යන්තය විවෘත කරයි

ඉන්දියාවේ ගුවන් සේවා අංශයේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ගුවහාති ගුවන් තොටුපොළේ නව පර්යන්ත ගොඩනැගිල්ල ඊයේ විවෘත කළා.
මෙය ඉන්දියාවේ පළමු සොබාදහම තේමා කරගත් ගුවන් තොටුපළ ලෙස සැලකෙනවා.
වසරකට මගීන් මිලියන 13.1 ක් හැසිරවීමේ පහසුකම් සහිතව පර්යන්තය නිර්මාණය කර තිබෙනවා.
දේශීයව ලබාගත් උණ බම්බු මෙට්‍රික් ටොන් 140 ක් පමණ භාවිතා කරමින් ගෘහ අලංකරණ කටයුතු කර ඇති මෙම පර්යන්තය සඳහා ආභාෂය වී ඇත්තේ ඇසෑමයේ සංකේතයක් වන ෆොක්ස්ටේල් ඔ්කිඩ් කළඹයි.
මෙහි ගුවන් මෙහෙයුම් 2026 පෙබරවාරි මස අග වන විට ආරම්භ කිරීමට නියමිතයි.
මෙම පර්යන්තය වර්ග මීටර් ලක්ෂ 1.4 ක භූමි ප්‍රදේශයක් පුරා විහිදී පවතින අතර පැමිණෙන මගීන් ‘අහස් වනාන්තරයක්’ හරහා ගමන් කරනු ඇති අතර, එය දේශීය ශාක විශේෂ 100 කින් ශාක ලක්ෂයක් පමණ ඇති හරිත කලාපයක් වනවා.

Share