මෙක්සිකෝවේ දකුණු සහ මධ්‍යම ප්‍රදේශවලට එරට වේලාවෙන් ඊයේ රාත්‍රියේ රික්ටර් මාපකයේ 6.5 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් වාර්ථා පවසන්නේ.
භූමිකම්පාවේ අපි කේන්ද්‍රය ගුවෙරෙරෝ හි සැන් මාකෝස් නගරය අසල පැසිෆික් වෙරළබඩ නිකේතනයක් වන ඇකපුල්කෝ අසල පිහිටා තිබෙනවා.
ඒ හේතුවෙන් ඇකපුල්කෝ අවට සහ ප්‍රාන්තයේ අනෙකුත් මහාමාර්ගවල නායයෑම් කිහිපයක් වාර්තා වූ බවයි ප්‍රාන්ත සිවිල් ආරක්ෂක ඒජන්සිය වාර්තා කරන්නේ.
මෙක්සිකෝ ජාතික භූ කම්පන විද්‍යා ඒජන්සිය සඳහන් කරන්නේ රික්ටර් මාපකයේ 6.5 ක ප්‍රබලතත්වයකින් සිදුවූ භූ කම්පනයෙන් පසුව පසුකම්පන 500කට වඩා ඇතිවූ බවයි.
මේ අතර භූමිකම්පාව ඇති වන අවස්ථාවේ මෙක්සිකානු නව ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් නව වසරේ ඇගේ පළමු මාධ්‍ය හමුව පවත්වමින් සිටියා.
ඒ අවස්ථාවේදී, භූමිකම්පා අනතුරු ඇඟවීමේ පද්ධතියක් පසුබිමින් නාද වන විට ෂයින්බෝම් විසින් “සියලු දෙනා සන්සුන්ව පිටතට යන්න” යනුවෙන් ආධාරකරුවන් වෙත පවසා තිබෙනවා.
මෙක්සිකෝව ලෝකයේ වඩාත්ම භූ කම්පන ක්‍රියාකාරී රටවලින් එකක් වන අතර, 2017 වර්ෂයේ දී, රිච්ටර් මාපකයේ 7.1 ක භූමිකම්පාවකින් මෙක්සිකෝ නගරයේ පුද්ගලයින් 200 කට වැඩි පිරිසක් මිය ගියා.





