ඊයේ දින පැවති මුදල් ප්රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්රී ලංකා මහ බැංකුව පවසනවා . ඒ අනුව එක්දින ප්රතිපත්ති පොලී අනුපාතය, වත්මන් මට්ටම වූ 7.75% ලෙස නොවෙනස්ව තබා ගැනීමට තීරණය කළ බවයි ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.





