මිලියන 285ක් දඩ අය කර ගනියි

පසුගිය වසර තුළ සිදුකළ වැටලීම්වලින් රජයට රුපියල් මිලියන 285කට වැඩි දඩ මුදලක් උපයා දී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පවසනවා.
ආයතනයේ ඉදිරි සැලසුම් පිළිබඳව අධිකාරියේ උසස් නිලධාරීන් හමුවේ අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ 2025 වසර තුළ රට තුළ වැටලීම් 21,000ක් පමණ සිදුකර ඇති බවයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය 2026 නව වසරේ වැඩ ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඊයේ උත්සවයක් සංවිධානය කර තිබුණා.
එහිදී එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පවසා සිටියේ මේ වසර තුළදී පාරිභෝගිකයාට වඩාත් ගුණාත්මක සේවාවක් ලබා දීමට සිය අධිකාරිය ඇප කැප වී සිටින බවයි
වෙළඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්.ජයවර්ධන මහතා ඇතුළු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උසස් නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Share