හබරණ – පොළොන්නරුව ප්රධාන මාර්ගයේ, මින්නේරිය ප්රදේශයේදී සිදුවූ බස් – ට්රැක්ටර් අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
මෙලෙස අනතුරට ලක් වූයේ ඇඟලුම් කර්මාන්තශාලාවකට සේවකයින් ප්රවාහනය කරන බස් රථයක් සහ මින්නේරිය දෙස සිට හබරන දෙසට ගොයම් කපන යන්ත්රයක් පටවා ගත් ට්රැක්ටර් රථයක්.
අනතුරෙන් තුවාල ලබා ඇත්තේ බස් රථයේ ගමන් ගත් සේවිකාවන් පස් දෙනෙකු සහ ට්රැක්ටර් රථයේ ගමන් ගත් පුද්ගලයින් තිදෙනෙකු බවයි වාර්ථා වන්නේ.
හබරණ – පොළොන්නරුව ප්රධාන මාර්ගයේ මින්නේරිය වනජිවි කාර්යාලය අසලදී අද අළුයම ඇඟලුම් කර්මාන්ත ශාලාවකට සේවකයින් ප්රවාහනය කරන බස් රථයක් සහ ගොයම් කපන යන්ත්රයක් පටවා ගත් ට්රැක්ටර් රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදු ව තිබුණා.
අනතුරෙන් බස් රථයේ ගමන් ගත් පුද්ගලයින් 4 දෙනෙකු සහ ට්රැක්ටර් රථයේ ගමන් ගත් තිදෙනෙකු තුවාල ලබා හබරණ සහ පොළොන්නරුව රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අතරින් 5 දෙනෙකු මේ වනවිට හබරන රෝහලේ ප්රතිකාර ලබන අතර තවත් තිදෙනෙකු ප්රථිකාර ලබන්නේ පොළොන්නරුව රෝහලේයි.
මේ අතර අනතුරෙන් තුවාල ලැබූ දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි පොලිසිය පැවසුවේ.
අනතුරට ලක් වූවන් අතරින් බස් රථයේ ඉදිරිපස වාඩිවී පැමිණි ඇඟලුම් සේවිකාවකගේ තත්ත්වය බරපතල බැවින් ඇය වැඩිදුර ප්රතිකාර සඳහා දඹුල්ල රෝහල වෙත මාරු කර යවා ඇති බව පොලිසිය පැවසුවා.
හබරන සිට ගිරිතලේ දෙසට ගමන් ගත් බස් රථය, මාර්ගයේ ආපදාවකට ලක්වූ ලොරි රථයක් ඉස්සර කිරීමට උත්සාහ කිරීමේදී මින්නේරිය දෙස සිට හබරන දෙසට පැමිණි ගොයම් කපන යන්ත්රයක් පටවා ගත් ට්රැක්ටර් රථයේ මුහුණට මුහුණ ගැටී තිබෙනවා.
කෙසේ වෙතත් බස් රථයේ රියදුරාගේ අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට සිදුවීමට හේතුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.





