මෑත ඉතිහාසය තුළ වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් පොලිස් භාරයට ගනු ලැබුවේ 2025 වසරේදී

මෑත ඉතිහාසය තුළ වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් පොලිස් භාරයට ගනු ලැබුවේ 2025 වසරේදී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පවසනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එ මහතා පැවසුවේ පසුගිය දෙවසර තුළ විදෙස් රටවලට පලා ගොස් සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 21 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒමට හැකි වූ බවයි. විෂ මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීමේ රටම එකට ජාතික මෙහෙයුම ආරම්භ වූයේ පසුගිය වසරේ ඔක්තෝබර් 30 වැනිදායි. එතැන් සිට මේ දක්වා අත්කර ගත් ප්‍රගතිය පැහැදිලි කිරීමට ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා. මේ අතර ඊයේ කොළඹ ආශ්‍රිතව මගී ප්‍රවාහන සේවා රියදුරන් පරීක්ෂාවකදී මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කළ බස් සේවකයින් 10 දෙනෙකු නීතියේ රැහැනට හසුකරගෙන තිබෙනවා.

Share