අනුරාධපුර සහ මිහින්තලය ප්රදේශවල ලැගුම්හල් පහක නවාතැන් ගෙන සිටිමින් මාර්ගගත වංචාවල නිරත වූ විදේශීය ජාතිකයින් 134 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට යුද හමුදා බුද්ධි අංශය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද සමත් වුණා
මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගත් 126 දෙනෙකු චීන ජාතිකයින් වනවා.
ඊට අමතරව මියන්මාර හා තායිවාන ජාතිකයන් අට දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් සන්තකයේ තිබී මාර්ගගත වංචාවන්ට යොදා ගත් පරිඝණක 35ක් , ලැප්ටොප් පරිගණක 96ක්, ජංගම දුරකථන 194ක් ඇතුලු උපකරණ තොගයක් ද සොයා ගැණුනු අතර මෙරට මුදලින් රුපියල් කෝටි 26ක පමණ මුදලක් වංචා කර ඇති බව සැලකෙනවා.




