රජය විසින් මාදැල් කර්මාන්තය සම්බන්ධයෙන් පනවන ඇතැම් නීති හා සීමාවන් කිසිවෙකු විසින් උල්ලංඝනය කරන්නේ නම් සමස්ත මාදැල් ධීවර කර්මාන්තයම නතර කිරීමට සිදුවන බව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා පවසනවා
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්යග්රහයක නිරතව සිටි මාදැල් ධීවරයින් සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
මෙරට වෙරළ තීරයේ නිතර දක්නට සාම්ප්රදායික ධීවර පන්න ක්රමයක් වන මාදැල් ධීවර කර්මාන්තයට යාන්ත්රික උපකරණ භාවිතා කිරීම රජය විසින් තහනම් කරනු ලැබුවා.
එම තීරණයට විරෝධය පල කරමින් කල්පිටිය, මුලතිව්, පුත්තලම් ඇතුළු ප්රදේශ කිහිපයක ධීවරයින් පසුගිය 5 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ අඛණ්ඩ සත්යග්රහය දින 9කින් අනතුරුව නිමා කෙරුනා
ඒ ඔවුන්ගේ දින ගණනාවක ඉල්ලීම්වලින් අනතුරුව ජනපතිවරයා සමග සාකච්ඡාව ධීවරයින්ට හිමි වීමෙන් අනතුරුවයි.





